Thursday, April 25, 2024

General line - 0115112241

ප්‍රබල අකුණු අවදානමක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්




දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර  75 ත් 100 ත් අතර තරමක තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝ මීටර 70 ත් 80 ත් අතර කෙටි කාලීන තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.