Thursday, April 25, 2024

General line - 0115112241

කලකට පසු කොළඹ කොටස් වෙළඳපොල මිල දර්ශකයත් ඉහළට




කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා වී තිබෙනවා.

අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් ඇත්තේ ඒකක 106.54 කින්. මෙය පූර්ව ගනුදෙනු දිනය වූ ඉකුත් සිකුරාදා දිනයට සාපේක්ෂව සියයට 1.77 ක ඉහළ යාමක්. 

මේ අතර S&P SL20 දර්ශකය ද ඒකක 68 .56 ක ඉහළ යාමක් වාර්තා කර ඇති අතර අද දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3055.08 ක් ලෙස සටහන් වුණා.

අද දිනය තුළ රුපියල් බිලියන 2.41 දැවැන්ත පිරිවැටුමක් වාර්තා වීම ද විශේෂත්වයක්.

මෙම වසර තුළ දී මෙතෙක් වාර්තා වී තිබුණු ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6067.66 ක් වූ අතර අද දිනයේ දී එම සීමාව ඉක්මවා යාම ද විශේෂ සිදුවීමක් වුණා.