Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නැගී එන පිල ඇෆ්ගනිස්ථානයට පරදියි




ආසියානු නැගී එන කණ්ඩායම් ක්‍රිකට් තරඟාවලියේ අද පැවති තරඟයකදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම, ඇෆ්ගනිස්ථාන නැගී එන කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණා.

ඒ, කඩුලු 07 කින්. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 05 කදී සියලුදෙනා දැවී ලකුණු   238 ක් රැස් කළා.

ඇෆ්ගනිස්ථාන නැගී එන කණ්ඩායම එම ඉලක්කය අභිබවා ගොස් ජය වාර්තා කළේ 45 වන පන්දු වාරයේදීයි.

බිඳ වැටුණු කඩුලු සංඛ්‍යාව 03 ක්. මෙම තරඟයේදී නායක චරිත් අසලංක ශතකයක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 63 ක් රැස් කිරීමට සමත් වුණා. ආසියානු නැගී එන කණ්ඩායම් තරඟාවලිය බංග්ලාදේශයේදී පැවැත්වෙනවා.