Saturday, April 20, 2024

General line - 0115112241

ජනපති වැඩ භාර ගැනීමෙන් පසු ඉහළ තනතුරු කිහිපයක් අලුත් වේ




නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාරගැනිමෙන් අනතුරුව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර පත් කරනු ලැබුවා.

එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එස්.ආර්. ආටිගල පත් කර තිබෙනවා.

විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ඕෂධ සේනානායක පත් කර ඇති බවයි වාර්තා වුණේ.

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පත්කර තිබෙනවා.