Saturday, April 20, 2024

General line - 0115112241

රන් පාදම සහිත චූඩාමාණික්‍යය වන්දනා කිරීමට අදත් අවස්ථාව




අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේට පැළඳවීමට නියමිත රන් පාදම සහිත චූඩාමාණික්‍යය වන්දනා කිරීමට අදත් (19) සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.

ඒ, කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි.

ලබන 21 වැනිදා රන් පාදම සහිත චූඩාමාණික්‍යය කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ සිට අනුරාධපුරය දක්වා වැඩම කරවීමට නියමිතයි.

ඉන් අනතුරුව මෙම මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා දින 3 ක් අනුරාධපුර රුවන්වැලි සෑ පූජා භූමියේ විශේෂ කුටියක රන් පාදම සහිත නව චූඩාමාණික්‍ය මහජන වන්දනාව සදහා ප්‍රදර්ශනය කෙරෙනවා.

චූඩාමාණික්‍යය සහිත රන් පාදම මහා සෑ රදුන් මත පැළදවීම සිදු කෙරෙන්නේ මේ මස 25 වැනිදායි. රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කිරීම මේ මස 26 වැනිදා සිදු කිරීමට නියමිතයි.