Wednesday, July 15, 2020

Advertising - 0773953664 | General line - 0115112241

ජනපති ගෝඨාභයට ජාත්‍යන්තර ප්‍රජාවෙන් සුභාශිංෂණ

1247Views


 


 

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභාෂිංසන පළකරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ට්විටර් සටහනක් තබා තිබෙනවා. 

ආරක්ෂක ප්‍රතිසංවිධාන, වගවීම සහ මානව හිමිකම් යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බවයි එම ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ. ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ ශ්‍රී ලාංකික සියලු පුරවැසියන්ට ප්‍රශංසාව පළ කරන බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය ව්ටිටර් සටහනෙන් ප්‍රකාශ කර තිබෙනවා. 

ජපාන විදේශ අමාත්‍යවරයා වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන ජපාන තානාපති කාර්යාලය පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධනය හා ජාතික සංහිඳියාව ලගා කර ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි. 

ශ්‍රී ලංකාවේ උත්සහයන් සම්බන්ධයෙන් ජපානය තවදුරටත් සහය ලබා දෙන බව ද මෙම නිවේදනයේ සඳහන්.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් විශේෂ සංචාරයක් සඳහා අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ බව තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ විදේශ අමාත්‍යවරයා හෙට දිනය දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති බවයි.

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පණිවිඩයක් රැගෙන විදේශ අමාත්‍යවරයා මෙලෙස ශ්‍රී  ලංකාවට පැමිණ ඇතැයි ද වාර්තා වනවා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here