Saturday, December 7, 2019
Hotline - 0770586666

තවත් ඇමතිවරු දෙදෙනෙක් තනතුරු අත්හරිති

1905Views




තවත් කැබිනට් නොවන අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු අද සිය තනතුරුවලින් ඉල්ලා අස්වුණා. ඒ, ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු පහසුකම් සැපයීමේ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වූ ඉරාන් වික්‍රමරත්නයි. 

ආචාර්ය හර්ෂ ද සිල්වා නව ජනාධිපතිවරයා අමතමින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇති අතර ජනාධිපතිවරයාට සුභාෂිංසන පළ කරන බව ද එහි සඳහන් කර තිබෙනවා. සුවසැරිය ගිලන්රථ සේවාව, ජනාධිපතිවරයා යටතේ තබා ගනිමින් එය තවදුරටත් ශක්තිමත් කරන ලෙස විශේෂ ඉල්ලීමක් ද කරන බවයි ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. 

මේ අතර මෙතෙක් හෙබවූ මුදල් රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වන බව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉරාන් වික්‍රමරත්න අද පස්වරුවේ තහවුරු කළා. ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ ප්‍රාර්ථනා කරන බව ද ඉරාන් වික්‍රමරත්නගේ ට්විටර් සටහනේ සඳහන්. 

තවත් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මීට පෙර සිය ධූරවලින් ඉල්ලා අස්වුණා.