Wednesday, July 15, 2020

Advertising - 0773953664 | General line - 0115112241

ජනපති සිදු කළ පත්වීම් යැයි කියමින් සමාජජාලා මාධ්‍යයේ අසත්‍ය පුවත් හුවමාරුවක්

3944Views


 


 

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු පත් කර ඇතැයි මීට පෙර පළවු වාර්තා නිවැරදි නොවන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ එම තනතුර සඳහා සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම පමණක් මෙම අවස්ථාවේදී සිදුකෙරෙමින් ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී ඇති බවයි. 

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස ඕෂධ සේනානායක පත් කර ඇතැයි මීට පෙර වාර්තා වුණා. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here