Monday, July 13, 2020

Advertising - 0773953664 | General line - 0115112241

තරුණියක් විසින් අසල්වැසි නිවසක දැරියක් පොහොර උරයක දමා ළිඳට දමා තිබියදී හමු වේ 

3078Views


 


 

වයස අවුරුදු 03යි මාස 04ක් වන දැරියක අසල්වැසි නිවසේ තරුණියක් විසින් පොහොර උරයක දමා ගැට ගසා ළිඳට දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඊයේ (19) පෙරවරු 10.30ත් 12.50ත් අතර කාලයේදී ගල්නෑව පොලිස් වසමේ මිදෙල්ලෑව සියඹලෑව ප්‍රදේශයේ නිවසක තම මිත්තනිය සමග සිටි මෙම බාල වයස්කාර දැරිය අතුරුදහන්ව ඇති බවට ගල්නෑව පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.

අතුරුදහන් වූ දැරියගේ දෙමාපියන් රැකියාවට ගොස් ඇති අතර මිත්තනිය සමග දැරිය දිවා කාලයේ තනිව ගත කරන බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ සෑම දිනකම මෙම දැරියව අසල්වැසි තරුණියක් විසින් ඇයගේ නිවසට රැගෙන යන බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් පොලිසිය එම නිවස පරීක්ෂා කර තිබෙනවා.

එහිදී අසල්වැසි තරුණියගේ නිවස අසළ තිබූ ළිඳක පොහොර උරයක දමා මෙලෙස ගැට ගසා ළිඳට දමා තිබියදී මෙම දැරියව සොයා ගැනුණා. පසුව දැරියව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණද රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ මිදෙල්ලෑව සියඹලෑව නෑගම්පහ ලිපිනයේ පදිංචි නෙතුන්‍යා නෙතුලි විජේසිංහ නැමැති දැරියක්.

මෙම ඝාතනය හදිසි කෝපය මත අසල්වැසි තරුණිය විසින් ගෙල සිරකර ළිඳට දැමූ බවට සැකකාරියගෙන් ප්‍රශ්ණ කිරීමේදී කරුණු අනාවරණය වී තිබෙනවා. වයස අවුරුදු 22ක් වන එම අසල්වැසි තරුණිය අත්අඩංගුවට ගෙන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here