Friday, April 19, 2024

General line - 0115112241

අගමැති රනිල් ධූරය අතහරින්න සැරසේ




රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයෙන් හෙට (21) ඉවත් වනු ඇතැයි ඔහුට සමීප දේශපාලන ආරංචි පවසනවා.

ඊයේ (19) පස්වරුවේ අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවී සාකච්ඡා කළා.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සමග ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා කිරීමට අග‍්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වන බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේ.

අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සාකච්ඡා, කතානායක කාර්යාලය ඊයේ නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දී ඇති විකල්ප මත සිදුවන බවද වාර්තා වනවා.

එහි දක්වා තිබූ පළමු විකල්පය වන්නේ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ආසන්නතම දිනය වන 2020 මාර්තු මස 01 වන දින පාර්ලිමේන්තුව විසිරුවා හැර අපේ‍්‍රල් මස පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවකාශය සැළසීමයි. 

මන්ත‍්‍රීවරු විසින් ස්වෙච්ඡාවෙන් තුනෙන් දෙකක බහුතරය ලබා දී පාර්ලිමේන්තුව විසිරුවාහැර කඩිනමින් මහ මැතිවරණයකට යොමුවීම තවත් විකල්පයක් ලෙස පෙන්වා දී තිබෙනවා. 

අග‍්‍රාමාත්‍යවරයා සහ වත්මන් අමාත්‍යවරුන් ස්වේච්ඡාවෙන් සිය තනතුරුවලින් ඉවත්ව මහ මැතිවරණයකට එළැඹෙන තෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරකාර කැබිනට් මණ්ඩලයක් සමග කටයුතු කිරීමට අවස්ථාව සලසා දීම පෙන්වා දී ඇති 3 වන විකල්පයයි.