Thursday, March 28, 2024

General line - 0115112241

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහි නඩුවේ තීන්දුව දීම හදිසියේ ඇති වූ ගැටලුවක් නිසා කල් යයි

ජනක අලහප්පෙරුම




බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූ එල්. ටී. ටී. ඊ. හිතවාදීන් පිරිසකට තර්ජනය කළේ යැයි බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහිව විභාග වන නඩුවක තීන්දුව ලබාදීම කල් දමා තිබෙනවා.

ලන්ඩන් නුවර නෙත් නිවුස් විශේෂ නියෝජිත ජනක අලහප්පෙරුම සඳහන් කළේ "නඩු තීන්දුව ලබා දීමට අත්‍යාවශ්‍ය ලිපිගොනු ලබාදීමේදී සිදුව තිබෙන ගැටලුවක් හේතුවෙන් මෙම නඩුව නැවත දෙසැම්බර් 06 වැනිදාට කල් දමනු ලැබුවා." යනුවෙනි.

මෙම නඩුව ඊයේ විභාගයට ගැණුනු අවස්ථාවේ අධිකරණය ඉදිරිපිට රොක් වූ පිරිසක් ශී‍්‍ර ලංකා විරෝධී උද්ඝෝෂණයක යෙදී සිටි බවද ලන්ඩන් නුවර නෙත් නිවුස් විශේෂ නියෝජිත ජනක අලහප්පෙරුම පැවසුවා.