Tuesday, April 23, 2024

General line - 0115112241

Red Bull අලූත් ක‍්‍රිකට් පරම්පරාවකට ශක්තියක් ලබා දෙයි




Red Bull Campus Cricket යනු ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා විශ්වවිද්‍යාල අතර වඩාත් ප්‍රචලිත ක‍්‍රිකට් තරගාවලියකි. 

නැඟී එන නවක ක‍්‍රිකට් ක්‍රීඩකයන්ට ක‍්‍රීඩාව තුළින් තම විශ්ව විද්‍යාලය නියෝජනය කිරීමට සහ ජාත්‍යන්තර මට්ටමින් තම රට නියෝජනය කිරීමට සුවිශේෂි අවස්ථාවක් මෙම තරගාවලිය මඟින් උදාවෙයි. Red Bull වසර ගණනාවක් මුළුල්ලේ , ඔවුන්ගේ ඉලක්කය අත්පත් කරගෙන ඇති අතර, මෙම තරගාවලිය සංවිධානය කිරීම තුලින් විශ්ව විද්‍යාල සහ ක‍්‍රීඩා සමාජ අතර පවතින පරතරය පියවා ගැනීමට ක‍්‍රීඩකයින්ට උපකාර කරයි. 

එම සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින්, 2019 ජූලි මාසයේ පැවති ජාතික අවසන් මහා ක‍්‍රිකට් තරගාවලිය ජය ගනිමින් කුසලානය හිමිකර ගත් ICBT කණ්ඩායම ඩුබායිහි පැවත්වෙන RBCC ලෝක කුසලාන තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා පිටත්ව ගියේය. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල නියෝජනය කරන කණ්ඩායමි සමග තරග වදිමින් ICBT කණ්ඩායම මෙවර අවසන් පූර්ව වටයට පිවිසියද ඔවුන් තරගාවලිය අවසානයේ 3 වන ස්ථානය දිනා ගැනීමට  ද සමත්විය. 

විදේශීය ක‍්‍රීඩා පිටියක ක‍්‍රීඩා කිරීමේදී පැන නගින අභියෝග රැසකට කණ්ඩායම මුහුණ දුන්නද, ඔවුහු එක් පොදු ඉලක්කයක් මනසේ තබා ගනිමින් තරගාවලිය තුළ සටන් කළහ.  

ICBT නායක සලින්ද උෂාන් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, ”2019 Red Bull  ලෝක කුසලාන තරගාවලිය ඉතා හොඳින් සංවිධානය කර තිබූනා . එම තරගාවලිය අප සැමට ඉතා හොඳ අත්දැකීමක් වුණා. ඇත්ත වශයෙන්ම මෙම ලෝක කුසලාන තරගාවලිය සිත්ගන්නා සුළු සහ උද්වේගකාරී  තරගාවලියක් වුණා. මෙම තරගාවලියට සහභාගී වීමෙන් ජීවිත කාලය පුරාවට මතක සිටින අත්දැකීමි ලැබුවා යැයි කීවොත් නිවැරදියි . තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් 7 ම විශිෂ්ට ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත වූ හොඳම කණ්ඩායම් 7ක් බව කිව යුතුයි.

අවාසනාවකට මෙන්, අපට ශූරතාවය දිනාගැනී මට නොහැකිවූ නමුත් අපගේ ක‍්‍රීඩකයන්ගේ කැපවීම නිසා තරගාවලියේ තුන්වන ස්ථානය කරා පැමිණීමට ඉඩ සැලසුණු බව සඳහන් කළ යුතුයි.අපගේ ක‍්‍රීඩකයන් ක්‍රීඩා ආකාරය ගැන මම ආඩම්බර වනවා.කණ්ඩායමට ලැබුණු අනුග‍්‍රාහකත්වය ගැන සඳහන් කළ උෂාන් ”අවසන් වශයෙන් අප වෙත අවස්ථාව උදාකර දීම සහ ඩුබායිහි මෙවැනි අපූරු තරගාවලියක් සංවිධානය කිරීම පිළිබඳව jRed Bull UAE කණ්ඩායම වෙත මා ස්තූතිවන්ත වනවා. අපට සහයෝගය දැක්වීම සහ ධෛර්යමත් කිරීම පිළිබඳව Red Bull Campus Cricket සහ ICBTCampus වෙතත් මා ස්තූතිවන්ත වනවා. ” යනුවෙනි

ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා වසර ගණනාවක් පුරා Red Bull Campus Cricket  තරගාවලිය තුළ නිරතුරුවම අවධානයට ලක්ව තිබේ. ශ‍්‍රී ලංකාව 2012 වසරේ දී පළමුවරට පැවැත්වුණු ආසියා අවසන් මහා තරගයට සත්කාරකත්වය ලබාදුන් අතර 2013 වසරේ දී පළමු RBCC ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආර්. ප්‍රේමදාස ක‍්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. RBCC ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ 2016, 2017 සහ 2018 යන වසර වල අවසන් තරගය සඳහා  ශ‍්‍රී ලංකාව නියෝජනය කළ අතර මෙවර ද නැගී එන දක්ෂතා ඇති ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරගාවලියකදී ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීමේ ගෞරවනීය අවස්ථාව හිමිවිය.

ශ‍්‍රී ලාංකිය ක‍්‍රිකට් ක්‍රීඩාවට නව පරපුරක් නිර්මාණය කිරීම සඳහා RBCC උපකාර කරයි. ඉන්දියාවේ කේ.එල්.රාහුල්, දකුණු අප‍්‍රිකාවේ ලූන්ගි එන්ගිඩි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ චිරාග් සූරි වැනි ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ ක‍්‍රීඩකයින් නිර්මාණය වූයේ RBCC ඔස්සේය. 2017 වසරේ දී මෙම තරගාවලිය නියෝජනය කළ නිරෝෂන් දික්වැල්ල සහ 2018 වසරේ දී නියෝජනය කළ චාමික කරුණාරත්න ජාත්‍යන්තර ක‍්‍රිකට් ක්‍රීඩාවේ දිදුළන තරු බවට පත් වී තිබේ. 

RBCC යනු දිවයින පුරා විසිරී සිටින ක‍්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඇල්මක් සහ  දක්ෂතාවක්ඇති විශ්ව විද්‍යාල ක්‍රිකට් ක‍්‍රීඩකයන්ට සිය දක්ෂතා ඉතා ආකර්ෂණීය තරග බිමක් තුළ පෙන්නුම් කිරීමට අවස්ථාව උදා කරන්නකි.  එමඟින් ජාතික තලය සඳහා නවක ක‍්‍රීඩකයන් රැසක් බිහිවන අතර තරුණ හා දක්ෂ ක‍්‍රීඩකයින්ට ජාතික කණ්ඩායමේ දොරටු විවරවේ. එනිසා, Red Bull Campus Cricket යනු සැබවින්ම දිවයිනේ සහ ලොව පුරා ක‍්‍රිකට් ක්‍රීඩකයන්ට නව මංපෙත්උදා කරවන තරගාවලියකි.