Friday, April 26, 2024

General line - 0115112241

පෞද්ගලික ආරක්‍ෂාව ගැනත් කල්පනාකාරී වන්නැයි මහා සංඝරත්නයෙන් ජනපතිට පණිවිඩයක්




රටේ ආරක්‍ෂාව පිළිබද ඉතා  ඕනෑකමින් සොයා බලනවා සේම තමන්ගේ පෞද්ගලික ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද කල්පනාකාරී වන්නැයි මහා සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා. 

මේ, රුහුණු රට භික්‍ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය  ඕමාරේ කස්සප හිමියන්.

පුද්ගලයින්ට තනතුරු ලබාදීමේදී කල්පනාකාරීව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට මෙහිදී යෝජනාවක් කෙරුණා. 

මේ අතර උතුරේ සහ නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඈත් කිරීමට කටයුතු කළේ ජාතිවාදී දේශපාලනඥයින් බව තුන්හෙළ ජාතික ව්‍යාපාරයේ නියෝජ්‍ය ලේකම් පූජ්‍ය ජුලම්පිටියේ මංගල හිමියන් පවසනවා. 

සිය දේශපාලන උවමනා ඉටුකර ගැනීම සදහා මෙම ජාතිවාදී දේශපාලනඥයින් දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ සැබෑ ප‍්‍රශ්න සගවා ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ. ජනාධිපතිවරයා ඒ කෙරෙහිද අවධානය යොමුකළ යුතු බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.