Friday, April 19, 2024

General line - 0115112241

නව කැබිනට්ටුව අද පත් කෙරෙන ලකුණු




නව කැබිනට් මණ්ඩලය බොහෝවිට අද දිවුරුම් දෙනු ඇතැයි විශ්වාසය පළ වනවා. මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඩලස් අලහප්පෙරුම මන්තී‍්‍රවරයාද කියාසිටියේ නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම්දීමට බොහෝවිට ඉඩ ඇති බවයි. 

මෙලෙස පත් කෙරෙන්නේ තාවකාලික භාරකාර ආණ්ඩුවක් සදහා වූ කැබිනට් මණ්ඩලයක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පැවසුවා. මහමැතිවරණයක් පවත්වන තෙක් පමණක් මෙම කැබිනට් මණ්ඩලය ආණ්ඩුවේ කටයුතු මෙහෙයවනු ඇති බවයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසුවේ. 

නව කැබිනට් මණ්ඩලය සාමාජිකයන් 15 දෙනෙකුට පමණක් සීමා වනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල කියාසිටියා. කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදිය යුතුම ඇතැම් ජේ්‍යෂ්ඨයන්ටද ඇතැම්විට මෙම කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් හිමි නොවුනු ඇතැයිද ඒ පිළිබද ගැටුම් ඇතිකර නොගන්නැයිද දැනුම් දීමක්ද කර තිබෙන බවයි මන්තී‍්‍රවරයා කියාසිටියේ.

මේ අතර නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ පස්වරුවේ දිවුරුම්දී වැඩ භාරගත්තා. මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම් ලද 3 වන අවස්ථාවද මෙයයි.

1970 වසරේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මහින්ද රාජපක්‍ෂ මහතා වරින්වර අමාත්‍ය ධුර ගණනාවක්ද හොබවා තිබෙනවා. 2005 වසරේ සිට 2015 දක්වා ශී‍්‍ර ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූයේද මහින්ද රාජපක්‍ෂ මහතායි. එල් ටී ටී ඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීම සදහාද මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස නායකත්වය ලබාදුන්නා.