Tuesday, April 23, 2024

General line - 0115112241

සතුට සමරන්න වෙනස්ම ආකාරයක් ගැන සිතූ තරුණයින් (PHOTOS)




ජනාධිපතිවරණයෙන් පසුව සතුට සැමරීම වෙනුවෙන් ජනතාව සිදු කළ විවිධ කි‍්‍රයාකාරකම් දිවයිනේ ප‍්‍රදේශ රැසකින්ම වාර්තා වුණා.

බොහෝ දෙනෙකු සතුට සැමරුවේ රතිඤ්ඤා දල්වමින් සහ කිරිබත් කැවුම් ජනතාව වෙත බෙදා දෙමින්.

එහෙත්, ජනාධිපතිවරණයේ සතුට වෙනස්ම ක‍්‍රමයකින් සැමරූ පිරිසක් නෙත් නිවුස් අපට මුණ ගැසුණා.

තරුණයින් පිරිසක් එක්ව පක්ෂ පාට භේදයකින් තොරව පැළ වර්ග බෙදා දෙමින් සිය සතුට බෙදාගත්තේ බලපිටිය, කොස්ගොඩ ප‍්‍රදේශයේදීයි.

පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සෑම දෙනාගේම දායකත්වය ලබා ගැනීම තම අරමුණ වූ බවයි මෙම වැඩසටහනට එක් වූ දිනේෂ් චතුරංග තරුණයා පැවසුවේ.

පරිසරය ද සුරකිමින් අනෙකාගේ ද සතුට වෙනුවෙන් කි‍්‍රයා කරන මෙවැනි මිනිසුන් තවදුරටත් දිරි ගැන්වීම, නෙත් සතුටු සඳුදා අරමුණයි.