Friday, April 19, 2024

General line - 0115112241

යථාර්තයට පිටුපා තනිව ජිවිතයක් ගොඩනැගිය නොහැකි බව පසක් කළ YLL ජාතික තරුණ සමුළුව (PHOTOS)




ජාතික තරුණ සමුළුව 2019 අද (26) මොරටුව සුබෝධා ආයතනයේ දී පැවැත්වුණා. ඒ,දිවයින පුරා විසිරී සිටින විවිද තරුණ තරුණියන් රැසකගේ සහභාගීත්වයෙන්.

විවිධත්වය පදනම් වූ ලෝකය තුළ විවිදවූ විශ්වීය නිර්මාණයන් අතර අන්තර් රැඳියාව ස්වභාවධර්මයේ පරම නීතිය ද රීතිය ද පැවැත්ම සහ පරිණාමයේ ක්‍රමෝපායන් වන අතර එම යථාර්තයට පිටුපා තනිව ජිවිතයක් ගොඩනැගිය නොහැකි බව වටහා ගැනීම YLL සංවිධායකත්වයෙන් පැවති මෙම සමුළුවේ අරමුණ බවට පත්ව තිබුණා.

ඒ සඳහා වූ විවිද නිර්මාණ තරුණ කණ්ඩායම් විසින් මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා.

චිත්‍ර සහ මූර්ති පිළිබඳව ප්‍රගීත් රත්නායක මහතා ද නර්තනය පිළිබඳව රවිබන්දු විද්‍යාපති මහතා ද නාට්‍යකරණය පිළිබඳව පරාක්‍රම නිරිඇල්ල මහතා ද සිනමාකරණය පිළිබඳව මාලක දේවප්‍රිය මහතා ද ඡායාරූපකරණය පිළිබඳව අකලංක කඳනආරච්චි මහතා ද සංගීතය පිළිබඳව නදීක ගුරුගේ මහතා ද දින කිහිපයක් පුරා මෙම තරුණ තරුණියන්ට මගපෙන්වීම් කරනු ලැබූ අතර එම නිර්මාණ මෙම ජාතික තරුණ සමුළුවේදී ඉදිරිපත් කෙරුණා.