Friday, March 29, 2024

General line - 0115112241

PRONTO ලංකා සමාගම සිය 40 වැනි ශාඛාව ගබඩා පහසුකම් සහිතව කඩුවෙලදී විවෘත කරයි (PHOTOS)




ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය කුරියර් සේවාව වන PRONTO ලංකා සමාගමේ 40 වැනි ශාඛාව පසුගියදා කඩුවෙලදී විවෘත කරනු ලැබුවා. 

කඩුවෙල ශාඛාව විවෘත කිරීමත් සමඟ  PRONTO ලංකා සමාගමේ ශාඛා ජාලය තවදුරටත් සවිමත් වන අතර ඒ හරහා පුළුල් වෙළඳපොලකට සිය සේවා සැපයීමට සමාගමට හැකිව තිබෙනවා. කඩුවෙල ශාඛාව විවෘත කිරීමේ ප්‍රතිලාභ දැනට සිටින ගනුදෙනුකරුවන්ට අමතරව කඩුවෙල, තලවතුගොඩ, මාලඹේ, අතුරුගිරිය, බියගම, රණාල, මල්වාන සහ කර්මාන්ත කලාපවල සිටින නව ගනුදෙනුකරුවන්ටද හිමි වනු ඇති බව සමාගම අපේක්ෂා කර සිටිනවා.

ඊට අමතරව කඩුවෙල ශාඛාව භාණ්ඩ ලේඛන කළමනාකරණ විසඳුම් ලබාදීම සහ භාණ්ඩ ගෙනවිත් දුන් පසුව මුදල් ගෙවීමේ සේවාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇත. සිය ගනුදෙනුකරුවන් වෙත වටිනාකම් එක් කළ සේවා සමුදායක් ලබාදීම සඳහා වන  PRONTO ලංකා සමාගමේ දැක්ම සාක්ෂාත් වන සුවිශේෂී ස්ථානයක් ලෙස කඩුවෙල ශාඛාව හැඳින්විය හැකිය.

 PRONTO ලංකා සමාගම සිංගප්පූරුවේ ට්‍රාන්ස්‌නැෂනල් සමූහයේ ප්‍රධානතම සාමාජිකයෙක් වන අතර 1987 සිට මේ දක්වා වසර 32 ක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මෙහෙයුම් සිදු කරනු ලබනවා. මෙම සම්පූර්ණ කාල පරිච්ඡේදය පුරාම වෙළෙඳපොළ ප්‍රමුඛයා වශයෙන්  PRONTO ලංකා සමාගම විශාල මෙහෙවරක් සිදු කර ඇත.  PRONTO ලංකා සමාගම මෙරට බැංකු කේෂ්ත්‍රයේ සහ රාජ්‍ය පරිපාලන හා මුල්‍ය ආයතන සඳහා ප්‍රධානතම සේවා සපයන්නෙක් වීම මීට උදාහරණ සපයයි.

 PRONTO ලංකා සමාගම වර්තමානයේදී සිය තාක්ෂණික අංශය තවදුරටත් වර්ධනය කරමින් අන්තර්ජාල වෙළෙඳ සේවාවන්ට සහ පොදු මහජනතාවට සිය සේවාවන් සැපයීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටී.

මෙම නව ශාඛාව විවෘත කිරීම එම සමාගමේ සාමාන්‍යාධිකාරි නලින් මුණසිංහ, මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංජීව වර්ණකුලසූරිය, ව්‍යාපාර සංවර්ධන කළමනාකරු රොෂාන් පෙරේරා, මෙහෙයුම් කළමනාකරු රොෂාන් පීරිස්, මානව සම්පත් කළමනාකාර පියල් පුෂ්පකුමාර සහ ප්‍රොන්ටෝ ලංකා සමාගමේ කලාපීය කළමනාකරුවන්වි, ධායක නිලධාරීන්, සමූහයේ අනෙකුත් ව්‍යාපාර අංශවල ප්‍රධානින් සහ ප්‍රමුඛ පෙළේ ගනුදෙනුකරුවන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් පැවත්වුණා.