Thursday, March 28, 2024

General line - 0115112241

ISM APAC පුද්ගලික සමාගමේ සමාජ වගකීම් ව්‍යාපෘතිය (PHOTOS)




ISM APAC පුද්ගලික සමාගමේ ආයතනික සමාජ වගකීම් ප්‍රයත්නය 2016 වර්ෂයේ සිට බිම් මට්ටමේ සිට ශ්‍රී ලංකා අධ්‍යාපනය දිරිගැන්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අධ්‍යාපනයට සහාය විය හැකි හොඳම ක්‍රමය ග්‍රාමීය පාසල් මුහුණ දෙන අත්‍යවශ්‍ය පහසුකම් සම්බන්ධ ගැටළු විසඳීම බව ISM APAC ආයතනයේ විශ්වාසයයි.

ISM APAC පුද්ගලික සමාගමේ 2019 ව්‍යාපෘතිය බාර කණ්ඩායම, මහා අන්දරවැව කනිෂ්ට විද්‍යාලය, නවගත්තේගම මෙම වසර සඳහා තෝරා ගනු ලැබුවා. 2019 නොවැම්බර් 23 වන දින ඇති උත්කර්ෂවත් ලෙස ව්‍යාපෘතිය සිසුන් අතට පත්කිරීමේ උත්සවය පැවැත්වුනා.

මෙම ව්‍යාපෘතිය යටතේ නවීන, ගෘහ භාණ්ඩ සහිත පන්ති කාමර 3 ක ගොඩනැගිල්ල, විද්‍යාගාරයක් සහ පරිගණක කාමර ගොඩනැගිල්ලක්, විද්‍යාගාරය / පරිගණක කාමර සඳහා ගෘහ භාණ්ඩ සහ පරිගණක 10 ක් හා මුද්‍රණ යන්ත්‍රයක් , පාසලේ වත්මන් යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම, පාසලේ සෑම සිසුවෙකු සඳහාම සියලු පාසල් උපකරණ හා පොත්පත් අඩංගු පාසල් බැගයක් , තවද; පසුගිය වසර 3 හි ව්‍යාපෘති නඩත්තු කිරීම් කටයුතු සිදුකරනු ලැබුවා.

එමෙන්ම ගමේ වගා කිරීම සඳහා ක්‍රමවේදයක් ආරම්භ කළ අතර දැනුම පදනම් කරගත් කර්මාන්තයක ISM APAC පුද්ගලික සමාගම නියැලෙන හෙයින්, ඔවුන් රැස් කරගත් දැනුම බෙදාහදා ගැනීමෙන් සමාජය දැනුවත් කිරීම හා නඟා සිටුවීම සඳහා සියලු දරුවන්ට දැනුම හුවමාරු සැසි මාලාවක්ද පැවැත්විය.