Thursday, April 25, 2024

General line - 0115112241

වැට් බද්ද 8% දක්වා අඩු කෙරේ : පනවා තිබු බදු රැසක් ඉවතට 




වැට් බදු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැවති කැබිනට් හමුවේදී මේ සම්බන්ධයෙන් වන තීරණය ගෙන ඇත.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව දැනට සියයට 15 ක්  වන වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද වන සියයට 2ක් වන බදු සියල්ලේ   එකතුව වන සියයට 17 ක් වන මුළු බද්ද සියයට 8ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. එය ලබන දෙසැම්බර් මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ.

මිට අමතරව විදුලි සංදේශන බද්ද සියයට 25ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණ කර ඇත. විදේශ රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් සඳහා පනවා තිබෙන සම්ප්‍රේෂණ සඳහා පනවා තිබු බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර ඇත. එමෙන්ම ඉදිකිරීම් කේෂ්ත්‍ර මත පනවා ඇති සියයට 28 ක බද්ද සියයට 14ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම ගෘහස්ත භාණ්ඩ හා නිෂ්පාදන මත පනවන ජාතික ගොඩනැගීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු මත පනවන බද්ද, බැංකු සහ මුල්‍ය ආයතන මත පනවා ඇති හර බද්ද, උපයන විට ගෙවීම් සඳහා පනවා තිබෙන ආදායම් බද්ද, පොලී සඳහා මත පනවා තිබෙන රැඳවුම් බදු සහ ණය රැඳවුම් බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.