Friday, April 19, 2024

General line - 0115112241

යාල්දේවි පිලී පනියි : දුම්රිය මාර්ගයට දැඩි හානී (PHOTOS)




කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක් තිබෙනවා.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වනවිට බාධා එල්ල වී තිබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

දුම්රිය පිලී පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ රේල් පිළී වලට දැඩි හානි සිදු වී ඇති අතර දුම්රිය පෙට්ටි 05 ක් පෙරළී ගොස් තිබෙනවා.

මේ අතර කොළඹ කොටුවේ සිට යාපනය දක්වා සහ තලෙයිමන්නාරම දක්වා අද රාති‍්‍ර ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය දෙකම සිදුවූ අනතුර හේතුවෙන් අවලංගු කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය පැවසුවා.