Thursday, March 28, 2024

General line - 0115112241

උතුරේ ස්ථාන රැසකදී 'මහවිරු' සැමරේ (PHOTOS)

දිනසේන රතුගමගේ




උතුරේ ස්ථාන 70කට ආසන්න ප්‍රමාණයක ඊයේ 27 මහවිරු උත්සව සංවිධානය කර සමරා ඇති  අතර ඒ සඳහා කතෝලික සහ හින්දු පූජකවරුන් ද පළාත්වල දේශපාලනඥයින් ද සහභාගී වී ඇති බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

මන්නාරම, මුලතිව්, කිළිනොච්චි, යාපනය හා වවුනියාව යන සෑම ප්‍රදේශයකම ඊයේ රාත්‍රීයේ විශේෂයෙන් සූදානම් කරණ ලද ස්ථානවල මෙම මහවිරු සැමරුම් උළෙලවල් පවත්වා තිබෙනවා.

කිළිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල මහවිරු උළෙලවල් පැවැත්වීම සඳහා අළුතෙන්ම  මෙවර සොහොන් කොත් ද සාදා තිබූ බවයි වාර්තා වුණේ.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ එම්.කේ.ශිවාජිලිංගම් යාපනයේදී මහවිරු උළෙල සමරන ලද බවද වාර්තා වුණා.

මහවිරු උළෙලවල්වලට සහභාගී වූ සෑම අයෙකුටම මියගිය පුද්ගලයා සිහිවීම සඳහා නිවසේ සිටුවීමට පොල් පැල හා වෙනත් පැල වර්ග බෙදා දීමක්ද සිදුව තිබුණා.