Saturday, April 20, 2024

General line - 0115112241

මාලදිවයින් හිටපු ජනපතිට වසර 05ක සිර දඬුවමක්




මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරට අධිකරණයක් මගිින් වසර 05ක සිරදඩුවමක් නියම කර තිබෙනවා

 ඒ මුදල් විශුද්ධිකරණ චෝදනාවකට  වරදකරු කරමින්ග සිරදඩුවමට අමතරව හිටපු ජනාධිපතිවරයාට අමෙරිකානු ඩොලර් මිලියන 05ක දඩයක්ද නියම කෙරුණා

 ජනාධිපතිධූරය දරන සමයේ හෝටල් සංවර්ධනය සදහා දූපත් කිහිපයක් බදු දීමේදී පෞද්ගලික සමාගමක් හරහා අමෙරිකානු ඩොලර් මිලියනක මුදලක් සිය ගිණුමට බැර කරගත් බවටයි ඔහුට චෝදනා එල්ල වී තිබුණේ

  ඊට අදාල නඩුුව විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් ලෙස මාලිදිවයින් හිටපු ජනාධිපතිවරයාට මෙම සිර දඩුවම නියම කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්