Friday, April 19, 2024

General line - 0115112241

ජනපති සාමාන්‍ය පර්යන්තයෙන් ගමන් කිරීමේ ප්‍රතිඵල එයි - කටුනායක පර්යන්ත නවීකරණය කිරීමට පියවර




කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පහසුකම් පුළුල් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. 

ඒ, රටට පැමිණෙන මෙන්ම රටෙන් පිටවන පුද්ගලයින්ටද කාර්යක්‍ෂම සේවාවක් ලබාදීමේ අරමුණින්. 

මේ වනවිටත් ගුවන් තොටුපොලේ මගී තදබදයක් පවතින බැවින් එය විසදීම එමගින් අපේක්‍ෂා කරන බවයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ.

ගුවන් තොටුපොල තුළ සිදුකරන ආගමන විගමන සේවාද මීට වඩා පුළුල් කරන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රථම නිල සංචාරය ලෙස ඊයේ දින ඉන්දියාවේ සංචාරයක් ඇරඹූ අතර එහිදී ජනපතිවරයා ගුවන් තොටුපොලේ භාවිතා කළ සාමාන්‍ය මගී පර්යන්තයි. එම ක්‍රියාව කතාබහට ලක්ව තිබූ අතර කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ ගුවන් තොටුපලේ අඩුපාඩු නිරීක්ෂණය කිරීම සඳහා ජනපතිවරයා මෙලෙසට සාමාන්‍ය මගී පර්යන්තය භාවිතා කළ බවයි.

එකවර මගීන් වැඩි ප‍්‍රමාණයක් පැමිණෙන අවස්ථාවලදී කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොලේ මගී තදබදයක් හටගත් අවස්ථා රැසක් ඉකුත් සමයේ වාර්තා වුණා. 

මෙරට පැවති බෝරා සමුළුව ඊට එක් උදාහරණයක්. ලොව සෙසු ගුවන් තොටුපොලවල, නවීන තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් මගී සේවා පහසුකර ඇති පසුබිමක මෙරට තුළ ද ඒවා කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම නෙත් නිවුස් මගින් අවස්ථා රැසකදී පෙන්වා දුන්නා.