Saturday, April 20, 2024

General line - 0115112241

බදු බර අඩු කිරීම වාහන මිලට බලපාන අයුරු වාහන ආනයනයකරුවන් පහදයි




බදු අඩු කළද එමගින් මෙරට වාහන වෙළදපොල මිල ගණන් අඩු නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ පැවසුවේ වාහනවල බදු තීරණය කරන්නේ ඒකක බද්දක් මතවීම ඊට හේතුව බවයි.

මේ අතර කොළඹ කොටස් වෙළදපොල, මේ වසර තුළ ඉහළම සියළු කොටස් මිල දර්ශක වටිනාකම ඊයේ දිනයේ වාර්තා කළා. 

දිනය අවසානයේ සියළු කොටස් මිල දර්ශකය ඒකකය 6,201.12 ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්‍ෂව ඒකක 82. 25 ක ඉහළ යාමක්. නව රජයේ බදු සහන සමග කොටස් වෙළදපොලේ නව පිබිදීමක් දක්නට ලැබෙන බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.