Saturday, April 20, 2024

General line - 0115112241

ලන්ඩනය උණුසුම් කළ ප්‍රහාරය (PHOTOS / VIDEO)




ලන්ඩන් පාලම මත සිදුවූ පිහි ඇණුම් ප්‍රහාරයකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයින් 05 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල් වෙත යැවීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවයි ලන්ඩන් ගිලන්රථ සේවා ආයතනය සඳහන් කර සිටින්නේ.

මෙම ප්‍රහාරය සිදුකළ බවට සැකකරන පුද්ගලයෙකු පොලිසිය විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. 

ලන්ඩන් පාලම සමග සම්බන්ධ වන දුම්රිය ස්ථානය වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර නගරයේ ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ.

................................................................

මධ්‍යම ලන්ඩනයේ ගැටුම්කාරී තත්ත්වයක්

මධ්‍යම ලන්ඩනයේ යම් ගැටුම්කාරී සිදුවීමක් සිදුවෙමින් පවතින බව BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා. මේ හේතුවෙන් "ලන්ඩන් පාළමේ" ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ලන්ඩන් පාලම මතදී පුද්ගලයින් පිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන අතර එම ස්ථානයට පැමිණි පොලිසිය වෙඩි ප්‍රහාරයන් කිහිපයක් ද එල්ල කරනු ලැබූ බවයි BBC පුවත් සේවය වාර්තා කර සිටියේ.

මේ හේතුවෙන් එම ගැටුම්කාරී සිදුවීම ඇතිවී ස්ථානය වෙත සාමාන්‍ය වැසියන්ට ලඟා නොවන ලෙසයි එරට පොලිසිය දැනුම් දී ඇත්තේ.