Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවේ ගිය අගමැති රනිල් ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවේ




දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (01) දහවල් ශී‍්‍ර ලංකාවෙන් පිටත්ව ගිය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පස්වරුවේ ඉන්දුනිසියාවේ ජකාර්තා නුවර ළඟා වුණා.

එරට වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක් අග‍්‍රාමාත්‍යවරයා පිළිගත් බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.

ජකාර්තා හි පැවැත්වෙන 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගිවීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මෙම සංචාරයේ ප‍්‍රධාන අපේක්ෂාව වනවා.

අද (02) ආරම්භ වන මෙම සමුළුව ලබන 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද එහිදි දේශනයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුව සඳහා ශී‍්‍ර ලංකාවට ආරාධනයක් ලැබුණු පළමු අවස්ථාව මෙයයි. රටවල් සියයක් නියෝජනය කරමින් 2500කට වැඩි පිරිසක් ඊට සහභාගි වී සිටිනවා.

01 02