Friday, March 29, 2024

General line - 0115112241

නගර අලංකරණයට තරුණ තරුණියන්ගේ වැඩි උනන්දුවක් (PHOTOS)




නගර අලංකරණ මෙහෙයුම් මේ දිනවල රට පුරාම සිදු වනවා.

කෑගල්ල නගරයේද මේ ආකාරයෙන් පැති බැමි සහ තාප්ප අලංකාර චිත්‍රවලින් ලස්සන කිරීමට කටයුතු කළ තරුණ තරුණියන් පිරිසක් එම කටයුතුවල නිරත වෙන ආකාරය http://nethnews.lk වෙත වාර්තා වුණා.

 

-------

තවකෙකු ඉටු කර දෙන තෙක් නොසිට තම නගරය අලංකාර කිරීම සඳහා පෙරට පැමිණි තරුණ කණ්ඩායමක් පිළිබඳ දැරණියගල ප‍්‍රදේශයෙන් ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

නගරයේ තාප්ප පුරා අලවා ඇති විවිධ දැන්වීම් ඉවත් කර එම තාප්ප, වීදි සිතුවම්වලින් අලංකාර කිරීමයි ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ.

ඔවුන්ට මග පෙන්වීම් ලබා දෙන පූජ්‍ය දැරණියගල ධම්මසාර හිමියන් කියා සිටියේ දැරණියගල නගරයේ ඇති පැති බැමි පිරිසිදු කරමින් අලංකාර කිරීමට තරුණ දරුවන් එකතුවීම වඩාත් අගය කොට සැළකිය යුතු බවයි. මෙවැනි ක්‍රියා තුළින් තරුණ දරුවන් වැරදි පැති කරා ගමන් කිරීම වලක්වා ගත හැකි බවද පෙන්වා දුන්නා. . 

දැරණියගල නගරය අලංකාර කරන මෙම මෙහෙයුමට සකී‍්‍රයව දායක වී සිටින තරුණ කණ්ඩායම වෙනුවෙන් බාසුර නිරංජන් ද නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා.

ඔහු කියා සිටියේ මෙහි ප්‍රධාන අරමුණ පරිසරය විනාශ කරන පෝස්ටර් ව්‍යාපාරය සමාජයෙන් ඈත් කිරීම බවයි.

අවට පරිසරය අලංකාර නම් එය නෙතට රසඳුනක් සේම සිතට සහනයක් ද වනවා. සිතට දැනෙන එම සහනය දවස සතුටින් ගෙවා දැමීමට දිරිදීමක් ද වනු ඇති.