Thursday, April 25, 2024

General line - 0115112241

"සාග් ක්‍රීඩා උළලේ ටී ෂර්ට්වලට පොරයක්" - ක්‍රීඩා සංගම්වලින් චෝදනාවක්




නේපාලයේ පැවැත්වෙන 13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළල සඳහා ශ‍්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙන්ම පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන්ට ලබාදෙන නිල කබා, ටී ෂර්ට් සහ ජැකට් නිසි පරිදි ලබාදී නැතැයි නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වනවා. ඇතැම් කී‍්‍රඩකයින් සහ නිලධාරීන් නිල කබා, ටී ෂර්ට් සහ ජැකට් නොමැතිව නේපාලය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

නිල කබා 75 ක් පමණ ඉකුත් සෙනසුරාදා නේපාලය බලා පිටත්ව ගිය වූෂු කණ්ඩායම සමග පිටත් කර හැරීමට කී‍්‍රඩා බලධාරීන් කටයුතු කර තිබුණා.

කෙසේවෙතත්, ඇතැම් කී‍්‍රඩා සංගම්වල නිලධාරීන් චෝදනා කරන්නේ කී‍්‍රඩා අමාත්‍යංශයේ නිලධාරීන් මෙවර දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල වෙනුවෙන් සැකසූ ටී ෂර්ට් සහ ජැකට් බෙදාගැනීමට පොරයක නිරත වෙන බවයි. 

මෙම නිල කබා, ටී ෂර්ට් සහ ජැකට් ලබාගැනීමට කී‍්‍රඩා අමාත්‍යංශයට පැමිණි කී‍්‍රඩා සංගම් නිලධාරීන් සහ වෛද්‍ය කටයුතුවල නිරත නිලධාරීන් ද අපහසුතාවට ලක්ව තිබෙනවා. ඒ, එම නිල කබා, ටී ෂර්ට් සහ ජැකට් කී‍්‍රඩා අමාත්‍යංශයේ කාමර තුළ ගබඩා කර වසා දැමීම හේතුවෙන්.