Friday, April 26, 2024

General line - 0115112241

ස්විට්සර්ලන්ත සිද්ධිය ප්‍රබන්ධයක්ද? ආණ්ඩුවට සැකයක්




ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක් පැහැර ගෙන ගිය බව කියන සිද්ධිය ප්‍රබන්ධයක් බව පෙනී යන්නේ යැයි අමාත්‍ය විමල් වීරවංශ අද (02) ප්‍රකාශ කළා. ඒ, මහනුවරදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදීද අදහස් පළ වුණා. මේ, ඊට සහභාගි වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න.

කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණිය මුහුණ පෑ බව කියන අදාළ සිද්ධීන්ගේ පෙළගැස්ම හා කාලවකවානුව, ඇගේ අදාළ දින කළ ගමන් බිමන් දත්ත සමග නොගැලපෙන බවයි. ඒ බව සී සී ටී වී දර්ශන, දුරකතන වාර්තා, ජීපීඑස් මෙන්ම පෞද්ගලික ගමනා ගමන සේවා සපයන ජාත්‍යන්තර ආයතනයක දත්ත ඇසුරෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සනාථ කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ බව සාක්‍ෂි සහිතව ස්විට්සර්ලන්ත තානාපතිවරයාටද පෙන්වා දුන් බවයි ප්‍රකාශ කෙරුණේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒ, සංවර්ධන බැංකු හා ණය යෝජනා පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ වැඩ භාරගත් අවස්ථාවේදීයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගමගෙන්ද මාධ්‍යවේදීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද ප්‍රශ්න කළා.

මේ අතර ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න අද උපවාසයක් ආරම්භ කළේද අදාළ නිලධාරිණියට පොලිස් මූලස්ථානය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලමින්.