Friday, April 26, 2024

General line - 0115112241

සාග් බිමෙන් ක්‍රිකට් ලෝක වාර්තාවක්




13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී අද (02) කාන්තා ක්‍රිකට් ලෝක වාර්තාවක් බිහි වුණා. ඒ, මාලදිවයින සහ නේපාලය අතර පැවැති කාන්තා පන්දුවාර විස්සයි විස්ස තරගයේදීයි. එහිදී නව ලෝක වාර්තාව බිහි කළේ නේපාල කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අන්ජලී චන්ද් ක්‍රීඩිකාවයි. ඇය එම තරගයේදී ලකුණු බින්දුවකට කඩුලු 6ක් දවා ගත්තා. එය සටහන් වූයේ කාන්තා පන්දුවාර විස්ස ක්‍රිකට් පිටියේ වාර්තා වු හොදම පන්දුයැවීම ලෙසයි.

මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් මාලදිවයින් කණ්ඩායම පන්දුවාර 10යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 16ක් පමණයි. එම ඉලක්කය පන්දු 5කදී කිසිවෙකු නොදැවී පසුකර යාමට නේපාල ක්‍රීඩිකාවන් සමත් වුණා. 

මාලදිවයින් ක්‍රීඩිකාවන් රැස් කළ ලකුණු 16, ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූයේ කාන්තා පන්දුවාර විස්ස පිටියේ වාර්තා වු 6 වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසටයි. 

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ ද නේපාලයේයි.