Thursday, March 28, 2024

General line - 0115112241

අලි රොෂාන්ට එරෙහි නඩුව දෙසැම්බර් 12 වනදා විභාගයට ගැනේ

අධිකරණ වාර්තාකරු




නීති විරෝධි ලෙස බලපත්‍ර නොමැතිව වන අලි ළඟ තබා ගැනීමේ චෝදනා  සම්බන්ධයෙන් අලි රොෂාන් නැමැත්තාට එරෙහිව ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 12 දා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (02) නියෝග කළා. අද දින මෙම නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා සංශෝධිත චෝදනා පත්‍රයක් ගොනු කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා මෙන්ම වනජීවි දෙපාර්තමේන්තුවේ නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු අට දෙනෙකුට එරෙහිවයි වන සත්ව හා වෘක්ෂලතා පනත සහ පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙලෙස නඩු පවරා ඇත්තේ.