Thursday, March 28, 2024

General line - 0115112241

එජාපයේ අර්බුද විසදන අවසන් සාකච්ඡාවට දින නියම වෙයි




එක්සත් ජාතික පක්‍ෂය තුළ තනතුරු සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්තවය පිළිබද ලබන බ්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් පවත්වන බව පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා. විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන ගැටළුවද එහි ප්‍රධාන මාතෘකාවක් බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. 

මෙම අදහස් පළ කෙරුණේ කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදීයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නද ඊට සහභාගි වුණා.

මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීම පිළිබද සාකච්ඡාවකට තම පක්‍ෂය සූදානම් බවයි.