Friday, March 29, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනවාරි 03 වෙනිදා 




අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව පාර්ලිමේන්තුව 2020 වර්ෂයේ ජනවාරි මස 03 වෙනිදා දක්වා කල් තබනු ලැබූ බව දන්වන ඇති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර තිබෙනවා.

නව පාර්ලිමේන්තු සැසි වාරය ලබන ජනවාරි මස 03 වෙනිදා පෙරවරු 10.00 රැස්වීමට නියමිත බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.