Friday, March 29, 2024

General line - 0115112241

තරුණ තරුණියන්ගේ ක්‍රියාව ගැන ජනාධිපතිගෙන් ට්විටර් සටහනක්




රට පුරා මාර්ගවල ඇති පැති බැමි සහ විවිධ වර්ගයේ පෝස්ටර් අලවා අපිරිසිදු කර ඇති තාප්ප පිරිසිදු කර යළි ඒ මත දැන්වීම් නොඅලවන සේ අලංකාර කිරීමේ තරුණ තරුණියන් සිදු කරමින් යන ක්‍රියාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබෙනවා. 

එම තරුණ තරුණියන් වෙනුවෙන් සිය ස්තුතිය සහ සතුට පළකරමින් ජනාධිපතිවරයා මෙලෙස ට්විටර් සටහනක් තබා තිබුණා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, "තරුණ පරපුරේ සුභවාදී ආකල්ප, කණ්ඩායම් හැඟීම සහ නායකත්වය රටේ වටපිටාව පමනක් නොව අනාගතයද වෙනස් කරන්නට පදනම දමමින් සිටී.

සිය නිර්මාණශීලීත්වය සමාජයට ඵලදායි අයුරින් යොදවන්නට පෙරමුණ ගෙන සිටින තාරුණ්‍ය හෙටට ඔබින වැඩකරන රටක් ගොඩනැගීමේ පෙරනිමිති පෙන්නුම් කරමින් ඇත. එය මුළු රටටම ආඩම්බරයකි." යනුවෙනි.