Saturday, December 7, 2019
Hotline - 0770586666

මන්ත්‍රිවරු 40ක් රංජිත්ගේ නිවසට - සජිතුත් එයි

2816Views




එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සහ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් ලබන සතිය තුළ විසදුමක් ලැබෙනු ඇතැයි හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන පාර්ශ්වය පවසනවා.

එම පාර්ශ්වයේ මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් ඊයේ (02) රාති‍්‍රයේ පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාරගේ නිවසේදීයි.

එම සාකච්ඡාව සඳහා හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසද එක්වූ බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් ඊයේ ප‍්‍රකාශ කළේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සහ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන බ‍්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.