Friday, April 19, 2024

General line - 0115112241

විදෙස් ගත වූ නිශාන්තට දින 02ක නිවාඩුවක් ලැබී ඇති බව අනාවරණය වේ




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විදෙස්ගත වී ඇත්තේ දින 02 ක නිවාඩුවක් ලබාගෙන බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඒ සඳහා අනුමැතිය දී ඇත්තේ සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා බවයි හෙළිකර ගෙන ඇත්තේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු පසුව පොලිස් කොමිසමේද අනුමැතියට යටත්ව පොලිස් ක්‍ෂේත‍්‍ර බලකා මූලස්ථානයට මාරු කර යැවුණා. 

පොලීසිය පැවසුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විදෙස්ගත වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවට නොදන්වා බවයි. නිශාන්ත ද සිල්වාට විදෙස්ගත වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිවාඩු ලබා දී නොමැති බව පරීක්‍ෂණවලදී හෙළි වී තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සමග පරීක්ෂණ මෙහෙය වූ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ස්විට්සර්ලන්තය බලා ඉකුත්දා පිටත්ව ගොස් තිබුණේ සිය බිරිඳ සහ දරු තිදෙනා ද සමගයි.