Saturday, April 20, 2024

General line - 0115112241

දකුණු අධිවේගයේ මාතර - මත්තල කොටස අනාරක්ෂිත බවට මාර්ග ඇමතිට වාර්තාවක්

සනත් ගමගේ




දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා කොටස විවෘත කර ඇත්තේ, වැඩ අවසන් නොකර අනාරක්ෂිතව බවට අදාළ නිලධාරීන් මාර්ග හා මාහාමර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු දැනුවත් කර තිබෙනවා. අමාත්‍යවරයා අද (03) පෙරවරුවේ එහි නීර්ක්ෂණ චාරිකාවක යෙදුනු අවස්ථාවේයි ඔවුන් අමාත්‍යවරයා වෙත මෙම දැනුම්දීම කර ඇත්තේ.

ඒ පිළිබඳ වහාම සොයා බලන බවද අවශ්‍ය වුවහොත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා කොටස තවකාලිකව වසා දැමීමට කටයුතු කරන බවද එහිදී කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. ඔහු පැවසුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා කොටසේ ඉදිකිරීම්වල යම් වෙනස්කම් සිදුකිරීමට ද අද පැවැති සාකච්ඡාවලදී තීරණය කෙරුණු බවයි. 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා කොටස විවෘත කෙරුණේ ඉකුත් නොවැම්බර් මස 07 වනදායි.