Friday, April 26, 2024

General line - 0115112241

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්




13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් දිනාදීමට එරංගා දිල්රුක්ෂි අද (03) සමත්වුණා. ඇය එම දක්ෂතාව දැක්වූයේ ද්විප්‍රයාම කාන්තා ඉසව්වේදීයි. මීටර් 100 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ හිමාෂ ඒෂාන් එහි රිදී පදක්කම දිනා ගත්තා. කෙසේවෙතත්, හිමාෂ ඒෂාන් මීට පෙර පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් ක්‍රීඩකයායි. ඔහු දෙවන ස්ථානයට ඇද දමමින් මීටර් 100 ධාවන ඉසව්ව ජයගැනීමට මාලදිවයිනේ ක්‍රීඩකයෙකු මෙවර සමත් වුණා. 

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග සඳහා ද ශ්‍රී ලංකාව අද සහභාගී වූ අතර ශ්‍රී ලංකා වයස 23 න් පහළ පිරිමි කණ්ඩායම එහිදී නේපාලය පරාජය කළා. කෙසේවෙතත්, කාන්තා ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හමුවේ අද පරාජය වුණා. 
මේ අතර මීට පෙර පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී වොලිබෝල් ඉසව්වේ කාන්තා සහ පිරිමි යන අංශ දෙකෙන්ම රිදී පදක්කම් දිනාගත් 

ශ්‍රී ලංකාවට මෙවර එම අංශ දෙකෙන්ම හිමිවූයේ ලෝකඩ පදක්කම්. එම තරග ඊයේ පැවැත්වුණා.