Saturday, April 20, 2024

General line - 0115112241

එල්ටිටිඊය ත්‍රස්ත සංවිධානයක් නොවෙයි : ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය තීන්දු කරයි 




එල්ටිටිඊ ත්‍රස්ත සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බවට ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව එරට නීතිපති කාර්යාලය විසින් චෝදනා ගොනු කර තිබුණු පුද්ගලයින් 12 දෙනෙක් අද (03) දිනයේදී නිදොස් කොට නිදහස් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

1999 සිට 2009 දක්වා කාලය තුළ දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය වෙනුවෙන් පෙනී සිටින ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව (WTCC) සඳහා අරමුදල් රැස් කිරීම නිසා ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝණය කළ බවට එරට නීතිපති කාර්යාලය විසින් මෙම පුද්ගලයින් 12 දෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ. 

නමුත් 2018 ජුනි මාසයේදී ෆෙඩරල් අපරාධ අධිකරණය විසින් එල්ටීටීඊ සංවිධානය සහ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව අතර ඇති බවට කියන සම්බන්ධතාවය ප්‍රමාණවත් ලෙස තහවුරු කළ නොහැකි බවයි එරට ෆෙඩරල් අධිකරණය සඳහන් කර සිටින්නේ.  එමෙන්ම එල්ටීටීඊ සංවිධානය අපරාධ සංවිධානයක් ලෙස සැලකීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ෆෙඩරල් අධිකරණ විනිසුරුවන් මෙහිදී සඳහන් කර ඇත.

ඒ අනුව අප්‍රේල් මාසයේදී ස්විට්සර්ලන්ත නීතිපති කාර්යාලය විසින් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ චූදිතයින් අපරාධ සංවිධානයකට සහාය දුන් බවයි.

මේ අනුව එම අභියාචනය සම්බන්ධයෙන් අද දිනය්දී ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර මීට පෙර ඔවුන් ලබා දුන් තීන්දුව ස්ථාපිත කිරීමට නියෝග කොට ඇත. එරට අධිකරණය සඳහන් කරන්නේ ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහයේ 260 වන වගන්තිය සැලසුම් කර ඇත්තේ මාෆියා ස්වභාවයේ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා පමණක් බවයි. 

එතැන් සිට එය අල්කයිඩා හෝ ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) වැනි ත්‍රස්ත කණ්ඩායම්වලට ද මෙම නිතිය අනුව ත්‍රස්ත කණ්ඩායම් ලෙස හුවා දැක්වීමට නොහැකිව ඇත. එල්ටීටීඊය අරමුදල් රැස් කරන අවස්ථාවේ අපරාධ සංවිධානයක් ලෙස නොසැලකූ බව ෆෙඩරල් අධිකරණය පවසයි.