Tuesday, March 19, 2024

General line - 0115112241

ගෝලීය ශ‍්‍රී ලාංකික සන්සදයෙන් අනාවරණයක්




තවත් රටක් නියෝජනය කරමින් කිසියම් රටක රාජ්‍ය තාන්ති‍්‍රක සේවයේ නියුතු තානාපතිවරයෙකු එලෙස සේවයේ නියුතු රටෙහි අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත්වන්නේ නම්, එවැනි තානාපතිවරුන් පිටුවහල් කිරීමට වුවද, රටකට බලය තිබෙන බව විද්වතුන් පෙන්වා දෙනවා.

ඒ සඳහා උදාහරණ ශ‍්‍රී ලංකාවේ ද සොයාගත හැකි බවයි ආචාර්ය නාලක ගොඩහේවා පැවසුවේ. ඊයේ (03) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේදී මෙම අදහස් පළ කෙරුණා. 

ශ‍්‍රී ලංකාව කෙරෙහි මහා බි‍්‍රතාන්‍යයේ වර්ධනය වෙමින් තිබෙන තර්ජන සම්බන්ධයෙන් ද මෙහිදී සංවාද කෙරුණා.

විශේෂයෙන්ම එරට කම්කරු පක්ෂය ශ‍්‍රී ලංකාවට තර්ජනාත්මක සහ එල් ටී ටී ඊ හිතවාදී පොරොන්දු ද මැතිවරණය වෙනුවෙන් ලබාදෙමින් සිටින බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ ගෝලීය ශ‍්‍රී ලාංකික සන්සදයේ ප‍්‍රධාන ලෙක්ම් නීතීඥ ගැමුණු කරුණාරත්න කියා සිටියේ එරට කම්කරු පක්ෂයේ ඡන්ද පදනම රඳා පවතින්නේ ස්වදේශික බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් නොව විවිධ බාහිරින් පැමිණ පුරවැසිභාවය ලබාගත් පිරිසගෙන් බවයි. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.