Wednesday, April 24, 2024

General line - 0115112241

ක්‍රිකට් සම්මාන රාත්‍රියේ චමරිට මාලිංගට තිසරට සම්මාන බෙදී යද්දී වසරේ කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානය ගැන කාගේත් කතාබහක් (PHOTOS)




ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සම්මාන රාත‍්‍රියේදී කාන්තා අංශයෙන් සම්මාන 4 ක් දිනා ගැනීමට චමරි අතපත්තු සමත් වුණා. ලසිත් මාලිංග සහ තිසර පෙරේරා  එහිදී ද්විත්ව සම්මානවලින් පිදුම් ලැබුවා. 

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධාන කෙරෙන ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සම්මාන රාති‍්‍රය පැවැත්වුණේ් ඊයේ (03) දිනයේයි.

වසරේ කි‍්‍රකට් කී‍්‍රඩිකාව, වසරේ දක්ෂතම එක්දින පිතිකාරිණිය, වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් කී‍්‍රඩිකාව සහ වසරේ දක්ෂතම 20 යි 20 පිතිකාරිණියන යන සම්මානවලින් චමරි අතපත්තු මෙහිදී පිදුම් ලැබුවා.

මෙලෙස සම්මාන 04 කින් පිදුම් ලැබුවද එම වටිනා අවස්ථාවට සහභාගිවීමේ අවස්ථාව චමර අතපත්තුට හිමිවුණේ නැහැ. ඒ, මේ වනවිටත් ඇය ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියට එක්ව සිටීම හේතුවෙන්. 

ඊයේ පැවැති ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සම්මාන රාති‍්‍රයේදී ලසිත් මාලිංග එක්දින සහ විස්සයි 20 තරග අංශයන්හි දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මාන දිනා ගත්තා. දක්ෂතම තුන් ඉරියව් එක්දින කී‍්‍රඩකයා සහ දක්ෂතම විස්සයි-20 පිතිකරු යන සම්මානවලින් පිදුම් ලැබුවේ තිසර පෙරේරායි. 

මෙම සම්මාන උළලේදී වසරේ ටෙස්ට් පිතිකරුට හිමි සම්මානය දිමුත් කරුණාරත්න විසින් දිනා ගත්තා. දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා සහ තුන් ඉරියව් කී‍්‍රඩකයාට හිමි සම්මාන පිළිවෙළින් හිමි කර ගත්තේ දිල්රුවන් පෙරේරා සහ ධනංජය ද සිල්වායි.

එක්දින තරග අංශයේ දක්ෂතම පිතිකරුවා ලෙස කුසල් ජනිත් පෙරේරා සම්මාන දිනා ගත්තා. විස්සයි 20 තරග අංශයේ දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා සම්මාන දිනා ගත්තේ ඉසුරු උදානයි.

නැගී එන කී‍්‍රඩකයාට හිමි සම්මානය  පැතුම් නිස්සංක දිනා ගත්තා. එම සම්මානය ලබා ගැනීම සඳහා ඔහුට වේදිකාවට පැමිණීමට අවකාශ හිමි නොවූයේ ඔහු මේ වන විට නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට එක්ව සිටීම හේතුවෙන්.

මෙවර කි‍්‍රකට් සම්මාන උළලේදී වසරේ කි‍්‍රකට් කී‍්‍රඩකයා සඳහා සම්මානයක් පිරිනැමීම සිදු නොකිරීම කාගේත් කතාබහට ලක් වුණා.