Thursday, April 25, 2024

General line - 0115112241

මැතිව් අබේසිංහ සාග් පිහිනුම් පිටියේ රන් දඩයමක




13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ (05) පස්වරුවේ පැවති පිහිනුම් ඉසව්වලින් රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ මැතිව් අබේසිංහ සමත් වුණා. ඒ, මීටර් 200 නිදහස් ආර සහ මීටර් 100 සමනළ ආර යන ඉසව්වලින්. මීටර් සියය නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වේද රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මැතිව් අබේසිංහ එම සහය පිහිනුම් කණ්ඩායමේද සමාජිකයෙක්. 

මේ අතර මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට ඉසුරු කුමාර සමත් වුණා. ඒ, කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් තරග කරමින්. ඊයේ පැවති බර ඉසිලීමේ ඉසව්වලින් ශ්‍රී ලංකාව රිදී පදක්කම් 03 ක්ද දිනා ගැනීමට සමත් වුණා. එම පදක්කම් දිනා ගත්තේ කිලෝග්‍රෑම් 45 බර පන්තියෙන් තරඟ වැදුණු ඩී එම් එස් සමරකෝන් හා කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරඟ වැදුණු හංසනී ගෝමස් යන ක්‍රීඩිකාවන් සහ කිලෝග්‍රෑම් 61 බර පන්තියෙන් තරඟ වැදුණු තිලංක පළඟසිංහ ක්‍රිඩකයායි. 

බර ඉසිලීමේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු කිහිපක් අදත් දකුණු ආසියානු තරඟ බිමට පිවිසෙනවා. බර ඉසිලම ඉසව්වේ පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් ලාභීන් වන චින්තන ගීතාල් විදානගේ, ඉන්දික දිසානායක සහ චතුරංග ලක්මාල් අද (06) තරඟ වැදීමට නියමිතයි. 

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙ නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වෙනවා. රන් පදක්කම් 17 ක් දිනමින් ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ එහි පදක්කම් සටහටනේ තුන්වන ස්ථානයේයී.