Thursday, April 25, 2024

General line - 0115112241

සාග් බිමෙන් මව්බිමට හිමි වූ ඉතිහාසගත රන් පදක්කම (PHOTO)




සාග් කී‍්‍රඩා උළල ඉතිහාසයේ පළමු වරට බැඞ්මින්ටන් කාන්තා යුගල ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව අද (06) සමත් වුණා. ඒ, ශී‍්‍ර ලංකාවේම කී‍්‍රඩිකාවන් දෙදෙනෙකු පරාජය කරමින් වීම විශේෂත්වයක්.

ඒ අනුව, එම ඉසව්වේ රිදී පදක්කම හිමි වූයේ ද ශී‍්‍ර ලංකාවටයි. 

තිළිණි හෙන්දහේවා සහ කවිඳි ඉෂාදිකා විසින් මෙම ඉතිහාසගත රන් පදක්කම ශී‍්‍ර ලංකාවට දිනා දුන්නා. මෙම ඉසව්වේ රිදී පදක්කම ශී‍්‍ර ලංකාවට හිමිකර දුන්නේ අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා විසින්.

සාග් කී‍්‍රඩා ඉතිහාසයේ බැඞ්මින්ටන් කාන්තා යුගල ඉසව්වේ රන් පදක්කම සඳහා ශී‍්‍ර ලාංකික කී‍්‍රඩිකාවන් සිව් දෙනෙකු තරග වැදුණු පළමු අවස්ථාව ද මෙය වනවා.

මේ අතර, මෙවර දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ සිය දෙවන රන් පදක්කම දිනා ගැනීමට නිලානි රත්නායක අද සමත් වුණා. ඒ, මීටර් 5000 කාන්තා ධාවන ඉසව්වෙන්. 

මේ වනවිට ශී‍්‍ර ලංකාව මෙම තරඟාවලියේදී රන් පදක්කම් 22 ක්, රිදී පදක්කම් 39 ක් සහ ලෝකඩ පදක්කම් 63 ක් හිමි කරගෙන පදක්කම් සටහනේ 03 වන ස්ථානය හිමි කරගෙන සිටිනවා. එහි පළමු ස්ථානය ඉන්දියාව හිමි කරගෙන ඇති අතර දෙවන ස්ථානයේ රැදී සිටින්නේ සත්කාරක නේපාලයයි.