Friday, March 29, 2024

General line - 0115112241

දුෂ්කරතා මැද්දෙන් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් මවුබිමට දයාද කරයි




13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී තවත් රන් පදක්කම් කිහිපයක් දිනාගැනීමට ශ‍්‍රී ලංකාව නියෝජනය කළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අද සමත් වුණා. පිරිමි සහ කාන්තා මීටර් 800 ඉසව් දෙකේම රන් පදක්කම් හිමුවුණේ ශ‍්‍රී ලංකාවටයි. 

මීටර් 800 පිරිමි ඉසව්වේ රන් පදක්කම ඉඳුනිල් හේරත් දිනාගත් අතර මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ ඩිල්ෂි කුමාරසිංහයි. එම ඉසව්වේ රිදී පදක්කම ද ශ‍්‍රී ලංකාවට හිමිවුණා. ගයන්තිකා අබේරත්න එම රිදී පදක්කම ශ‍්‍රී ලංකාවට දිනා දුන්නා. 

මේ අතර කාන්තා මැරතන් ඉසව්වේ රන් පදක්කම ද ශ‍්‍රී ලංකාවට හිමිවුණා. එය ශ‍්‍රී ලංකාවට හිමිකර දුන්නේ හිරුණි විජේරත්නයි. එම ඉසව්වේ රන් පදක්කම ශ‍්‍රී ලංකාව හිමිකර ගත් පළමු අවස්ථාව ද මෙය වනවා. 

කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් සහ රිදී පදක්කම් ද්විත්වය ද හිමිවුණේ ශී‍්‍ර ලංකාවටයි. නදීශා ලේකම්ගේ එම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් අතර නදීකා ලක්මාලි එම ඉසව්වේ රිදී පදක්කම ශ‍්‍රි ලංකාවට හිමිකර දුන්නා.