Thursday, April 18, 2024

General line - 0115112241

නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම




කෘෂිකර්ම අමාත්‍යංශය කඩිනමින්ම එම අමාත්‍යංශය කලින් පිහිටා තිබූ ගොවිජන මන්දිර ගොඩනැගිල්ලට ගෙන යන බව කාෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා. 

ගොවිජන මන්දිර ගොඩනැගිල්ල වසර කිහිපයක් කිසිඳු ප‍්‍රයෝජනයක් නොගෙන අත්හැර දමා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

කෘෂිකර්ම අමාත්‍යංශය නව ගොඩනැගිල්ලකට රැගෙන යාමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් විමර්ශනය කර වරදකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බව ද කාෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.