Friday, April 19, 2024

General line - 0115112241

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නිදහස් කර ගන්න විදේශ කටයුතු අමාත්‍යාංශය සහ යුධ හමුදාව වැඩ අරඹයි 




බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් වරදකරු කරන ලද බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එම චෝදනාවෙන් නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ යුධ හමුදාව මේ වන විට කටයුතු කරමින් සිටින බවට වාර්තා වනවා.

ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ට තර්ජනාත්මක අබිනයක් කළ බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දුට චෝදනා එල්ල කළ අතර ඒ සම්බන්ධයෙන් එරට අධිකරණයක් විසින් ඔහු වරදකරු කොට පවුම් 2400ක දඩයක් ඊයේ (06) නියම කරනු ලැබුවා.

තානාපති සේවයේ නිරතව සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට රාජතාන්ත්‍රික මුක්තිය ඇති අතර ඔහුට එරට අධිකරණයක් විසින් නඩු පැවරීම සහ දඬුවම් නියම කිරීම සිදුකළ නොහැකි බවටයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එම චෝදනාවෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ යුධ හමුදාව එක්ව ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.