Wednesday, April 24, 2024

General line - 0115112241

උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්වයට

පාලිත නානායක්කාර




පවතින අධික වැසි සමග බණ්ඩාරවෙල ඔබඩඇල්ල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට කඩා වැටී තිබුණු පස් කන්ද ඉවත් කර, උඩරට දුම්රිය ගමනාගමනය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දින 03 ක පමණ මෙහෙයුමකින් පසු එම පස් කන්ද ඉවත් කිරීමට හැකි වූ බවයි.

අඩි 25ක් පමණ උසින් යුතු අඩි 150 ක් පමණ වපසරියකින් යුත් පස් කන්දකින් මෙම දුම්රිය මාර්ගය වැසී ගියේ ඉකුත් 4 වනදා රාත්‍රියේදීයි. දුම්රිය සේවකයින් බැකෝ යන්ත්‍ර ආධාරයෙන් එම පස් ඉවත් කිරීමට කටයුතු කළ අතර අද පස්වරු 2.30 පමණ වන විට උඩරට දුම්රිය මාර්ගය  යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබුණා. ඒ අනුව මේ වනවිට උඩරට මාර්ගයේ සියලු දුම්රිය සුපුරුදු පරිදි ධාවනය කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.