Saturday, April 20, 2024

General line - 0115112241

දිස්ත්‍රික්ක 05 ක නායයෑම් අවදානම තවදුරටත් දීර්ඝ කෙරේ




වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05 කට නිකුත් කර තිබූ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙලෙස පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ බදුල්ල, මහනුවර, නුවරඑළිය, රත්නපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලටයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ගත වූ පැය 24 දී මිලි මීටර් 100  ඉක්මවූ වැසි ඇද හැලී තිබෙනවා. මේ හේතුවෙන් නායයෑම්, ගල් පෙරලීම් සහ පොළොව ගිලා බැසීම් වැනි භූ ලක්ෂණ කෙරෙහි එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී සිටින්නේ.