Friday, March 29, 2024

General line - 0115112241

කොළඹ වරාය නගරයේ ඉඩම් කොටස නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාර දෙයි




ශ්‍රී ලංකා භූමියට අලුතින් එක් වන කොළඹ වරාය නගරයේ හෙක්ටයාර 269 ක භූමි ප්‍රමාණය අද (07) නිල වශයෙන් මෙරටට ලබා දුන්නා. මෙම උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ චීන රජයේ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් වරාය නගර පරිශ්‍රයේදීයි.

චීනයේ සී එච් ඊ සී හෙවත් චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 01 යි දශම 05 ක ආයෝජනයක් සිදු කළා. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ආයෝජකයන් සඳහා ද මෙහිදී විවෘත කෙරුණා. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, සෘජු විදේශ ආයෝජන මත සිදුකෙරෙන මෙරට විශාලතම ව්‍යාපෘතිය ද වනවා. කොළඹ වරාය නගරයේ දෙවන අදියර හෙට සිට ආරම්භ වන අතර ඒ යටතේ මහා මාර්ග, විදුලිය, ජලය සහ මළ පවාහන පද්ධති සකස් කෙරෙනු ඇති.