Thursday, March 28, 2024

General line - 0115112241

ධාර්මික, ගුණ යහපත් සමාජයක් රට තුළ ගොඩ නැගීමට නම් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි : මහා සංඝරත්නය ජනපතිට පවසයි 




රටට එරෙහි සියලු අභියෝග ජය ගනිමින් මාතෘ භූමියේ ආරක්ෂාව තහවුරු කළ හැකි නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙස ජනතාව ආදරයෙන් බලා සිටින බව කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) කැළණිය විද්‍යාලංකාර පිරිවෙනට පැමිණි අවස්ථාවේදීයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ කෝට්ටේ රජමහා විහාරස්ථානයට පැමිණ කෝට්ටේ රජමහා විහාරාධිපති පූජ්‍ය අලුත් නුවර අනුරුද්ධ හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. උන්වහන්සේ එහිදී ජනාධිපතිවරයා වෙත පවසා සිටියේ ධාර්මික, ගුණ යහපත් සමාජයක් රට තුළ ගොඩ නැගීමට නම් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවයි.